• (94)0452265887
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kiriella Central College.

කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Rathnapura Zone

  • Register
  • Login
Kiriella Central College.

කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
    • පාසල් පුවත්
    • ක්‍රීඩා පුවත්
    • නිවේදන
  • ජයග්‍රහණ
    • අධ්‍යාපනික ජයග්‍රහන
    • විද්‍යාලීය ජයග්‍රහන
    • ශිෂ්‍ය ජයග්‍රහන
    • ක්‍රීඩා ජයග්‍රහන
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ඉංග්‍රීසි පාලන සමයේ ක්‍රි.ව. 1869 ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව මගින් ගම්බද ප්‍රදේශවල රජයේ පාසල් පිහිටු වීමේ වැඩ පිළිවෙල අරඹන ලදිනි. එවකට නැදුන් රජමහාවිහාර වාසී අති පූජ්‍ය කඩදර රතනපාල ස්වාමීන් වහන්සේගේ කාරුණික මගපෙන්වීම යටතේ එවකට කිරිඇල්ල ප්‍රදේශයේ ගම් ප්‍රභූවරයෙකු ලෙස සිටි රණසිංහ මුදියන්සේලාගෙ පුංචි මහතා තමන් සතු ඉඔඩමක (ගම්සභා වත්ත) සෙසු ගම්වැසියන්ගේ සහයෝගයෙන් බට කොළ සෙවිලි කර ගොඩනැගිල්ලක් ඉදිකරවා දීමෙන් කිරිඇල්ල ප්‍රදේශයේ පළමු පාසල ආරම්භ කෙරිණි.

 

ක්‍රි.ව. 1885 දී ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුවක් මගින් එය කිරිඇල්ල පිරිමි පාසල ලෙස ආරම්භ කරන ලදී. ඒ පරිද්දෙන් අතී පූජ්‍ය කඩදර රතනපාල ස්ථවිර පාදයන් වහන්සේගේ මග පෙන්වීමෙන් යථෝක්ත ආර්.එම්. පුංචි මහතාගේ ඉදිරිපත් වීමෙන් 1905 දී කිරිඇල්ල ගැහැනු පාසල ද, පිරිමි පාසලට යාබදව බොරලැස් වත්ත නම් ඉඩමේදී අරඹන ලද්දේ බටකොළ සෙවිලි කල ගොඩනැගිල්ලක් තුළයි.

 

කිරිඇල්ල පිරිමි පාසල මෙන්ම ගැහැනු පාසල දීර්ඝ කාලයක් ප්‍රදේශවාසින්ට අනුපමේය සේවයක් ඉටුකරමින් කීර්තිමත් ආදි ශිෂ්‍ය පරපුරක් බිහිකරන ලදී.1948 දී මෙම පාසල් දෙක කිරිඇල්ල කණිෂ්ඨ ඉංග්‍රීසී පාසල , කිරිඇල්ල පිරිමි පාසල හා කිරිඇල්ල ගැහැනු පාසල ලෙස පාසල් තුනක් බවට පත්විය. පිරිමි පාසලෙන් තෝරාගත් ළමුන් 38 දෙනෙකුගෙන් ඉංග්‍රීසි පාසල ඇරඹිනි. 1952 දී ඉංග්‍රීසී පාසල ජේෂ්ඨ පාසලක් බවට පත්විය .1958 දී එම ජේෂ්ඨ පාසලේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගැන්වීම අහෝසි කොට එම පාසල සිංහල මාධ්‍ය ජේෂ්ඨ මිශ්‍ර පාසලක් බවට පත් කරන ලදී . එම ජේෂ්ඨ මිශ්‍ර පාසල ගැහැනු පාසල් ගොඩනැගිල්ලේ තාවකාලිකව ස්ථාපිත කල අතර පසුව 1959 දී ඊටම යාබද්ද ඉඩමෙන් කොටසක් පාසලටම අලුතින් පවරා ගන්න ලදී. එය බොරලැස් වත්ත නමින් හැදින්වූ වර්තමාන කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාල ඉඩමේ කොටසකි.1960 දී කිරිඇල්ල ජේෂ්ඨ මිශ්‍ර පාස්වල මහා විද්‍යාල තත්වයට උසස් කරන ලදී.පවරාගත් නව ඉඩමේ ගොඩනැගිල්ල සකස් කොට කිසිදු උත්සවයකින් තොරව P.H.ජයකොඩි විදුහල්පතිතුමන් විසින් 1962 /02/23 දී පාසල නව ඉඩමේ ස්ථාපිත කරන ලදී .

Kiriella Central College.

කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Rathnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය,කිරිඇල්ල
  • දුරකථන(+94) 0452265887
  • ෆැක්ස්(+94) 0452265887

Supported By

© 2026 Kiriella Central College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk