තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය
කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ ඒකකය නවීන අත්හදා බැලීම් තුළින් තාක්ෂණික අංශයෙන් ඉදිරියටම යන ඒකකයකි.වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය තුළින් 6 -11 දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශය හැදෑරීමට සිසුන් හට අවස්ථාව ලැබී ඇත. ඒ ඔස්සෙ යමින් විවිධ වූ තොරතුරු තාක්ෂණ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් වඩාත් නිර්මාණශීලී ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් ගුරු මඩුල්ල විසින් සිසුනට දායාද කොට ඇත.මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සංකල්පය යටතේ විවිධ නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක්ද පාසලට හිමි වී ඇත.ඒ අනුව යමින්
“තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා සපිරි නව ලොව ගවේෂණශීලී විශිෂ්ඨයෙකු බිහි කිරීම”
යන දැක්ම පෙරටු කොට ගෙන තාක්ෂණික ලොව ජය ගැනීමට තොරතුරු තාක්ෂණ ඒකකයෙන් ඉටුවන මෙහෙය අතිමහත් ය.
Teachers in Charge:
