නව ලොව නව නිපැයුම්
අරමුණ
- ප්‍රදේශයේ පවත්නා කර්මාන්ත වලට අදාලව ඵලදායිතාවය ඉහල නැංවිය හැකි නව ක්‍රම පිළිබද ගවේශණය කිරීම.
- දළ දේශීය නිශ්පාදනයට දායක වීමට අවශ්‍ය අවධියේ ඉඩ කඩ සැලැස්වීම.
- ගැටලු සදහා විසදුම් ලබා දිය හැකි නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා ප්‍රජාව හා පරිසරය අතර ඇති සම්බන්ධතා වර්ධනය කිරීම.
- සිසුන් තුල නිර්මාණාත්මක කුසලතාව,තර්කානුකූල චින්තනය හා සාමූහිකව ක්‍රියාකිරීමේ මනා සන්නිවේදන හා අභියෝග වලට මුහුණ දීමේ කුසලතා වර්ධනය කිරීම.
- අනාගත ලෝකයට ගැලපෙන ආත්මාභිමානයෙන් යුතු පුද්ගලයෙකු බිහි කිරීම.
- ශිෂ්‍ය නවෝත්පාදන හැකියාව ප්‍රවර්ධනය.
ප්‍රතිලාභ
- නිර්මාණශීලී ශිෂ්‍ය ප්‍රජාවක් විද්‍යාලය තුළ දැයට,ජාත්‍යන්තරයට තිලිණ කිරීමේ අවස්ථාව.
- ආසන්න පාසල් වල නව නිර්මාණ පිළිබද උනන්දුවක් දක්වන සිසුන්ට හා ගුරුභවතුන්ට අවස්ථාව උදා කර දීම.
- මණ්ඩල පාසල් අතර අන්තර් සබදතා ගුණාත්මක වර්ධනය වීම.
- ප්‍රදේශයේ ව්‍යවසායකයෙකුට තම නිශ්පාදන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නව නිර්මාණ කර දීම.
- නිර්මාණ සදහා පේටන් බලපත්‍ර හිමිකම ලැබීම
